Monday, February 13, 2017

නෑඹුල් තුසර.


තුසර ගං ඉවුරු වසා දැමුවේ ය.


මෙන්න, නෑඹුල් තුසර වැටුනේ ය,
නෑඹුල් තුසර.
තුසර ගං ඉවුරු වසා දැමුවේ ය
නෑඹුල් තුසර.
එහෙත් ගඟ ගලන්නේ ය කළුවට,
නෑඹුල් තුසර.
සියළු ජීවීයන් යටකළේ ය,
නෑඹුල් තුසර.
මගේ සියළු ආදරයන් අඳුරු කළේ ය,
නෑඹුල් තුසර,
සියළු ජීවීයන් තවත් යටකළේ ය,
නෑඹුල් තුසර.
මිදි දියෙන් වැසෙන්නේ ය ජීවය,
නෑඹුල් තුසර,
එනමුදු මිහිමත වසන්තයක් ඇත්තේ ය,
නෑඹුල් තුසර!
මම සුභ පතමි ඔබට,
නෑඹුල් තුසර,
ශෝකජනක නොවෙමින්, නෝක්කාඩු නොකියමින්,
නෑඹුල් තුසර.
අසන්තෝෂයෙන් යන්නේ වුවත්,
නෑඹුල් තුසර,
නුඹේ වියපත් මග ඔස්සේ,
නෑඹුල් තුසර.

1938.
ව්ලාදිමීර් ලුගෝව්ස්කොයි.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments:

  1. නෑඹුල් තුසර - හරිම කැමති දෙයක්.

    ReplyDelete
  2. 1987 සෝවියට් දේශයට පා තැබූ මුල්වසරයි. ඒ අවුරුද්දේ නෑඹුල් තුසර මගේ ජීවිතයේ ඉතාම සුවිශේෂ අත්දැකීමක් දුන්නා.

    ReplyDelete