වාඩිවී සිටිමි හිමිදිරියේ නිල් කෝප්පයක්
සමගින්
හා නාසයෙන් ඩිංගක් ඉව බැළුවෙමි.
උත්සව දින දොරකඩය. මේ දැන්
ජීවිතය ඇතුල් වන්නේ ය පථයට.
වැතිරුණෙමි වේලහනින්, දරුවන් සේ.
තාරකා කවුළු වලින් එබි බලති.
හා උදෑසන ආහාරය බුක්ති විඳිමු අපි ආලෝකය
මැද,
කවුළුවෙන් එහා අන්ධකාරය.
සතියේ දින ප්‍රවිෂ්ට විය තම අයිතිවාසිකම්
තුලට,
හා අපි ඉදිරියට යමු.
හා දිනය මැන්නේ ය, යාත්‍රාව මත සේ,
බොහෝ දින මාවතේය.
වීදුරු මත ඈඳිගන්නේ ය සිසිරයේ තුසර,
හිමිදිරිය කැළඹෙන්නේ ය.
කොදෙව් අතරන් ඉරිදා
සතිය සයුර සේ.
කුමක් නමුත් ඇත ඒ දිවි මගේ,
කුමණ ශක්තිය බෙදා දෙන්නෙද?
සෑම දෘෂ්‍යමාන මතුපිටක් මතම
පිහිනමි මුල් වසරේ නොවේ.
ගමන් කරන්නේ ය නෞකාවක්. ජලය කැරකෙන්නේ ය.
ඉඩ හසර ඇති වටා පිටව.
හා නොසැළෙන සංචරනය
ක්‍රියාත්මක අවර පෙත්ත.
1957.
කන්ස්තනීන් වාන්ෂෙන්කින්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
No comments:
Post a Comment