Monday, May 22, 2017

බෙලහීනකම.





බලමි සයුර දෙස.


බලමි සයුර දෙස ලොල් දෙනෙතින්,
මිහිකත වෙත බැඳුනු, ඉවුර මත....
සිටිමි ප්‍රපාතය මතින් - තිදස මතින්,
ඉගිළෙන්නට නීල අහසට නොහැක මට.

හැඟුනේ නැත මට, නැගිට සිටීම හෝ යෙමුවීම,
නැත වීර්යය නොමැරීසිටීමට, ජීවත් නොවීමට...
මට දෙවියන් ආසන්නය - එනමුත් නොහැක්කේ ය මට යදින්න,
කැමැත්තෙමි ආදරය කිරීමට - හා නොහැක්කෙමි ආදරය කිරීමට.

මම හිරු වෙතට, හිරු වෙතට දෑත් දිගුකරමි
දකිමි අළුපැහැ වළාකුල් වියන...
මට හැඟියන්නේ ය, යථාර්ථය මම දිනිමි
එය සඳහා පමණක් නොදනිමු වදන්.


1894.
සිනයිදා ගිප්පිඋස්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment