Tuesday, June 20, 2017

දෙනෙත්.




ඔබේ අසිත දෙනෙත්. 

මරා දැමීය මා
ඔබේ අසිත දෙනෙත්,
ඒවා තුළ අග්නි අද්භූත.
ගිනියමෙන් හිරු දැවෙයි.

අඳුරු කරන්න, දෙනෙත්,
සැනසිල්ල ගෙනෙන්න මා වෙතට
ඔබගේ සන්තුෂ්ටිය, දෙනෙත්,
මගේ නොවේ,මගේ නොවේ!

නො බලන්න එලෙසින් ම
අනේ! මට වේදනා නො දෙන්න
ඔබ තුළ වඩාත් අයහපත් කුණාටු ය
දිදුලයි පුලිඟු ආදරයේ.

නැත, ඉහලින් බැල්ම හෙලයි, දෙනෙත්,
දල්වන්න, දෙනෙත්
අද්භූත අග්නියෙන් හා
හදවත පුළුස්සන්න මගේ.

දෙන්න වේදනා ආදරයේ පිපාසාවෙන්
මම පුච්චන්නේමි තාපයෙන්
නිමක් නැතිව කැමැත්තෙමි
පණ රැකගන්න, මිය යන්න.


ඔබගේ ආදරය සමගින් හමුවීමට යළි යළිත්.


අසිත දෙනෙත්
ඔබගේ ආදරය සමගින් හමුවීමට
යළි යළිත්
දුක් වන්න හා විඳවන්න.


1835.
අළෙක්සේයි කල්ත්ස්සෝෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment