Wednesday, June 28, 2017

වසන්තයේ හැඟීම්.





සන්සුන් සිනහවෙන්
ඔබේ ආශිර්වාදිත දිවිය
අවැසි නැත අපට සතුට උදෙසා
හෝ යසස හෝ ආදරය.

එනමුදු සුවඳැති පෙහොට්ටුව
අවැසි, තුසිත,
හා පහතට වන් මීදුම
විනිවිද පෙනෙන අරණ.

ඉඩහරින්න සියල්ල නාඹර වන්නේ ය,
හා පිරී ඉතිර යන රළ, ඉඳහිට,
සැලෙන කණක සේ,
ජෝතිමත් සප්තකය.

ළමා කල සේ, සියල්ල නොපෙනෙන
පෙනෙන්නේ ය ඒ දවස
නැවත බලාපොරොත්තු නොවන
අහස හා සිලිල,
  
නෑඹුල් මල් මතින්
මුල් බිඟුන්ගේ ගුමු ගුමුවෙන්,
ඇලෙන සුළු පත්‍ර සමගින්
සිහින් මුර්ජ බඳ.

ළදරු වියේ පටන් ළයාන්විත,
මාවත අපටයි - යමු
හුදු නිෂ්ඵල
අමතක මිනිසුන් විසින්.

සියළු ප්‍රඥාවන් ඒ තුළ, සතුටට
දෙවියන් පැසසීමට තුති ගී ගැයීම.
එකසරියේ මිහිලොල් වන්නේ ය
ජීවත්වීම හා මිය යාම.



ද්මිත්‍රි මෙරෙෂ්කෝව්ස්කි.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment