නොයන්න, රැඳෙන්න.
අරුණෝදයේ මීදුමිබර යෞවනයේ
මුළු හදින් ම ආදරය කළෙමි මම පෙම්වතියට
ඇගේ දෑස් තුළ දිව්‍යමය ආලෝකය විය,
වුවනේ ප්‍රේමයේ ගිණි දැල්වුණි.
ඈ අභිමුවේ නුඹ, වෙසක් මහේ ප්‍රභාතයේ,
නුඹ, සින්දූර් -මව් හරිත,
ස්ටෙප් පතන - තණබිම - සියුම් ව ගෙත්තම් කළ
සේද,
අරුණෝදය - සවස, රාත්‍රිය - සුරඟන!
යහපත් ය ඔබ - දිනෙක ඇය නැති,
දිනෙක ඔබ සමගින් බෙදාගනියි කම්පාව ඔබේ ම,
ඇය ඉදිරියේ ඔබේ - එය වී නැති මුත්
ඇය සමගින් හේමන්තය - වසන්තය, රැය - පැහැබර
දිනය!
අමතක නොකරන්න මා, අවසාන වර සේ
මම කීවෙමි ඇයට: “ කමා කරන්න, පෙම්වතියේ!
එසේ, දන්නේ ය, දෙවියෝ අණ කළ සේක - වෙන් ව යන්නෙමු,
එනමුදු කවදා හෝ හමුවන්නෙමු...“
සැනින් සකල වුවන අග්නියෙන් විදාරණය විය,
ඕදාත තුසරෙන් වැසීගියේ ය,
රතු කෙහේ ඇත්තී, පිස්සියක සේ,
දෙතන මත මාගේ එල්ලුණා ය.
“ නොයන්න, රැඳෙන්න! දෙන්න සමය මට
සිරකරන්නේ ය සුසුම, සොව, ශෝකය හඬයි,
නුඹ මත, පැහැදිළි උකුස්සා මතින්...“
කඩිසර ය ආත්මය - වදන නිසොල්මනේ ය...
1840 මැයි 21.
ඇලෙක්සේයි
කල්ත්තෝෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
No comments:
Post a Comment