කිති කැවෙන දෙතොල් හා සීතල දසන්,
ගින්දර, සැරිසරන අඳුරු සිරුරේ
දහදිය දෙතන මැදින් ... හා එය ඇත්තේ ය ආදරය ?
එය සියල්ල ය, කවරක් ද නුඹ එතරම් පැතූ ?
එසේය! ලාලසාව එවන්, දෙනෙත් තුළ තිමිරය!
එනමුදු රාත්‍රිය ගෙවෙන්නේ ය, සැහැල්ලු,
විහඟෙකු සේ....
මම ම සිතුවෙමි, ආදරය මුද්‍රික පානයකි,
සැමදා මත් විය හැකි!
1936.
ද්මිත්‍රීයී කෙද්රින්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
හ්ම්ම්..
ReplyDeleteටිකක් ගතියක් තියේ ලස්සනයි
ස්තූතියි
ReplyDelete