කොතැනද ලෙනින්?
ලෙනින් සමාධිය තුල.
හා පදක්කම් මත. තරු තුල.
කොතැනද ලෙනින්?
දින වකවානු, ජයන්ති....
නමුදු කොතැනකද ලෙනින් ? ලෙනින් කොහේද?
කොහේද ලෙනින්?
ඔහු පොත් රාක්ක මත.
එනමුදු නොසිටින්නේමය සියවසක් පුරා
තිර පාදස්තලයන් මත
පුස්තකාල තුසර තුල!
කොහේද ලෙනින්?
සැඳෑවේ මන බදින්නේය
නිසසලව ගිල්වාදමන්නේ ය සිහින තුලට,
නමුදු ලෙනින් අනපේක්ෂිතව කවුළුවෙන් එබී
බලන්නේය:
සියළු පැණයන් විසඳි ඇත්ද?
කොහේද ලෙනින් ?
මේ ඔහුගේ නිවස්නයි,
මේ ඔහුගේ කන්තෝරු කාමරයයි ක්‍රේම්ලීනයේ!
කොහේද ලෙනින්?
එහි, කොහේද ඉරණම මිහිකතේ
අවසන් කිරීමට මිහිමත ජනයාගේ!
1965.
ලිඔනීද් මර්තිනෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.





