Sunday, March 5, 2017

කොතැනද ලෙනින්?




කොතැනද ලෙනින්?

ලෙනින් සමාධිය තුල.
හා පදක්කම් මත. තරු තුල.

කොතැනද ලෙනින්?

දින වකවානු, ජයන්ති....
නමුදු කොතැනකද ලෙනින් ? ලෙනින් කොහේද?
කොහේද ලෙනින්?

ඔහු පොත් රාක්ක මත.
එනමුදු නොසිටින්නේමය සියවසක් පුරා
තිර පාදස්තලයන් මත
පුස්තකාල තුසර තුල!

කොහේද ලෙනින්?
සැඳෑවේ මන බදින්නේය
නිසසලව ගිල්වාදමන්නේ ය සිහින තුලට,
නමුදු ලෙනින් අනපේක්ෂිතව කවුළුවෙන් එබී බලන්නේය:
සියළු පැණයන් විසඳි ඇත්ද?

කොහේද ලෙනින් ?

මේ ඔහුගේ නිවස්නයි,
මේ ඔහුගේ කන්තෝරු කාමරයයි ක්‍රේම්ලීනයේ!

කොහේද ලෙනින්?

එහි, කොහේද ඉරණම මිහිකතේ
අවසන් කිරීමට මිහිමත ජනයාගේ!

1965.
ලිඔනීද් මර්තිනෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments:

  1. ඇත්තටම කොහේද ලෙනින්

    ReplyDelete
  2. සොයන්න දේශප්‍රේමී විප්ලවවාදියෙක්. ඔහු තුල අනිවාර්‍යෙයන් ලෙනින් ඇති.එහෙත් එවැන්නෙක් සෙවීම උකහයට.ඒ නිසා ඔහු සොයාගැනීමද උකහටය.

    ReplyDelete