Sunday, March 5, 2017

විසිවෙනි සියවස.



ස්මරණය කරමි
විසිවෙනි සියවස
එහි දුරකථන හසුරුව,
එහි විදුලි පණිවිඩ කේත,
තන්තු කටු.

ස්මරණය කරමි
නිශ්චල සෝපාන
සිසාරා උණුසුම් නොවන ගොඩනැගිලි තුල
වියැකි ගිය අක්ෂර
හා දැවෙන සරාගී පාඨ.

ස්මරණය කරමි
ඒ පුවත්පත්,
ස්මරණය කරමි, ඒ දැන්වීම් පුවරු,
ස්මරණය කරමි, ඒ හිරු උදාවන්,
ස්මරණය කරමී, ඒ හිරු අවරට යාම්.

ස්මරණය කරමි,
චීන පවුර
හා නිර්මාණාත්මක රඟහල,
බොරවූ කුළදෙටුවාගේ පොකුණු,
ප්‍රඥාව මුහුකුරාගිය සහෝදරයින්ගේ.

ස්මරණය කරමී
තුනී දිස්නෙ දෙන පියාපත්
හා යෝධයින්ගේ ශිරස්කය,
ස්මරණය කරමි චිත්‍රපට, නිහඬ වූ
හා සියල්ලම නිහඬ නොවන.

ස්මරණය කරමි මම
තරප්පු හීන් හඬ නගන
හා විදුලිය පිළිස්සෙන.
ස්මරණය කරමි මම සහසික ඉරණම
අපගේ පරපුරේ.


ලිඔනිද් මර්තීනෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment