Wednesday, March 1, 2017

බැටළුවෝ.



ප්‍රපාතාකාර කඳු මංපෙතේ
ගියේ ය නිවසට බැටළු පැටවෙක් කළු
වක ගැසුනු පාලම මතින්
වරක් මුණගැසුනේ ය සුදු සහෝදරයා සමගින්.

කිවේ ය සුදු බැටළු පැටවා :
“ සහෝදරය,කෙසේද කටයුතු :
මෙහි යුවලටම නොහැකිය අතරින් යාමට,
නුඹ මගේ මඟේ සිටින්නේ. “

කළු සහෝදරයා පිළිතුරු දුනි :
“ මා, අපි අපේ මනසේ, බැටළුවෝ,?
මගේ ගාත් පවා හේබානවා,
පාරෙන් පිටතට ගියොත්! “

එකෙක් අංතට්ටුව සෙලවීය,
විවේකයක් දෙමින් අනෙකා ගාත්වලට....
අංතට්ටුවෙන් කරකවන්නා සේ නොවේ,
යුවලටම නොහැකිය අතරින් යාමට.

ඉහළින් හිරු පුළුස්සුවේ ය,
එනමුදු පහළින් ගඟ ගලන්නේ ය,
එම ගඟේ හිමිදිරියේම
ගිළුනේ ය බැටළු පැටව් බානක්.


සිර්ගේයි මිහාල්කෝෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment