Sunday, May 21, 2017

සුනාමිය.




පිරුළක් හඬනගන්නේ ය අත්‍යාලංකෘත :
ඇගයෙන්නේ නැත පසුගිය වසරේ නබෝගැබ,
නැවත පැමිණෙන්නේ නැත - කවදා කොතැනද වූයේ පාරාදීසය,
ඉවතලන්න අනුවනකම් කිරීම - එන්න මෙහාට, කොතැන නොසිටියත්!

එතැන කුමක් මැවෙන්නේ ද හුදකළාව සොබාදම අප සමගින්!
එතැනට පිවිසෙන්නට අසිරුය හා කටකතාවකි.
එහි සෑම හමුවීමක්ම - ඔහුට සුනාමියකි!
ආත්මය හා හිස තුල කුණාටු සමගින්!

සමාදානය මෙහි, සත්‍ය, කුමකින්වත් මිලදී ගත නොහැක
එනමුදු ඔබ ආපසු පැමිණෙන්නේ ය, කියති දරුවෝ,
විසංවාදී පිරුළු ඔබ ලඟා කරන්නේ ය
ඔබ පැමිණෙන්නේ ය මෙහි, කොතැන කවදාද ඔවුන් හමුවීම!

මෙහි කුමක් මවන්නේද හුදකළාව සොබාදහම අප සමගින්!
මෙතැනට පැමිණිමට අසීරුයි හා දියකඩනයකි.
මෙහි බාගදා උපදින්නේ ය සුනාමි රළ
බිඳවැටෙන්නේ ය සියල්ලම ආත්මයේ හා හිසේ!

සයුර නිසසලය, එනමුත් මිහිමත නැත සංහිඳියාවක්
ආයාමය සොයන්නේ ය ඉලක්කය වළාවන්ගෙන් එහා
අනතුරු ඇඟවීම - කිසිවක් වේනම් එවැනි -
හෝ සංඥාවක් : අවධානය යොමන්න - සුනාමියක්!

මම මේ සමයේ සව්දිය පුරමි මිතුරන් සමග!
සුනාමි - තුච්ඡ රළ.
සිදුවන්නේ ය අනතුරු වඩාත් ප්‍රචන්ඩ සුනාමියෙන්
සතුට බලවත්ය සුනාමියට වඩා.

1969.
ව්ළාදිමීර් විසෝත්ස්කි.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment