Monday, May 1, 2017

ජනයාගේ ආහාරය.





යුක්තිය - එය ජනයාගේ ආහාරයයි.
බාගදා එය සෑහේ, බාගදා නොසෑහේ.
බාගදා එය රසවත්ය, බාගදා නුඹ මුවට ගන්නේ නැත.
ආහාරය නොසැහේ නම්, කුස ගින්න පාලනය කරන්නේ ය,
ආහාරය නරක් වී ඇත්නම්, පුපුරායන්නේ ය අමනාපය :
බංගවේවා අසාර යුක්තිය!
පිළිස්සීමට නොහැකිය යුක්තිය, යුක්තිය ආකූල නාස්තියකී
යුක්තිය සරක්කු විරහිතව, කළු පොත්ත සමගින්.
පණපෙව්වේ ය යුක්තිය, යුක්තිය පමාවී අපවෙත පැමිණියේ ය!

ආහාරය යහපත් නම් එය ප්‍රමාණවත්ය,
ආහාරයෙන් පමණක් ජීවත්විය හැක.
සම්පත්තියක් නැත්තේ මුත්,
එනමුදු යුක්තිය ඇත්තේය,
කා දමන්නේ ද ඔබ ඒ ආහාරය හා වැඩ කරපන් මෙලෙස,
සම්පත්තිය කුළුගන්වා ගැනීමට !

සෑම දිනකම අවශ්‍ය වන්නේ නම් ආහාරය,
සෑම දිනකම අවැසි වන්නේමය යුක්තිය,
එය අවැසිවන්නේ එක් වරක් නොවේ සෑම දිනකම.

අරුණොදයේ සිට ගොම්මන තෙක්, සතුටේ හා රැකියාවේ,
සතුට දනවන අපේ රුකියාවේ,
දුෂ්කර කාලයේදී හා ප්‍රීතිමත් කාලයේදී,
සෑම දිනකම හා කුළු ගැන්වීමට
ඒ ආහාරය ජනයාට ඕනෑමය
යුක්තිය - එය ආහාරය ජනයාගේ.
කවරෙක් ද ඒ ආහාරය පුළුස්සනනේ?
ඒ, සමදා ආහාර පිළිස්සු අයමය.

එය, කවරෙක්ද දිගු කලක සිට එය පිළිස්සුවේ.
හා ටක්කෙටම එසේම වන්නේ ය යුක්තියේ ආහාරය
අවශ්‍යයෙන්ම පිළිස්සිය යුත්තේය ජනයා!
ආහාරය නිතිපතා, හොඳම ආහාරය!

1948 – 1956
බර්තෝල් බ්‍රෙෂ්ට්.
රුසියන් බසට,
වී. කර්නිලෝවා.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment