Saturday, June 17, 2017

සමුදෙන්න, සමුදෙන්න, මාගේ තාරුණ්‍යය....




සමුදෙන්න, සමුදෙන්න, මගේ තාරුණ්‍යය,
තාරුකාව මගේ, ජීවිතය, සිනහව!
පිරිමියාගේ අත බවට පත්විය
ළාමක අත.
නුඹ හිනිපෙත්තට ම ගියේ ය, තාරුණ්‍යය,
බෙහෝ වටිනා වයලීනයක් සේ
සැහැල්ලු ස්පර්ශය මතින්
නිසැක චාපය.
ඔබ බැබලුනේ ය, තාරුණ්‍යය,
රන් මස්සෙකු සේ,
නීල සයුරේ කුමක්දෝ ගිලුණි
මහල්ලාගේ දැලෙන්!


1938.
ද්මිත්‍රී කෙද්රීන්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments: