Friday, June 30, 2017

තනිකම.




විශ්වාස කරන්න මාව, ජනයා තේරුම් නොගනිති
ඔබේ ආත්මයේ පතුලෙන්.
දිය බින්දුවලින් පුන් බඳුනක් මෙන්
එය පරිපූර්ණ ය ලාලසාවෙන්.

කෙදිනක ද නුඹ මිතුරා සමග හඬන්නේ, දැන සිටින්න
හැක්කේ ය නුඹට, ඇතැම් විට,
බින්දු දෙකතුනක් පමණක්වත් නෙත්තිය හරහා
ඒ කුසලානයට වත් කිරීමට.

නමුදු සදා නිදා සිටින්නේ ය නිහැඬියාවේ
ඈතින් සියළුම මිතුරන්ගෙන්,
එහි, පතුලේ සිට, පතුලේ ම සිට
ගිලන් හදෙන් නුඹේ.

තවෙකෙකුගේ හදවත - ආගන්තුක ලොව,
නැත ඔහු වෙත මගක්!
ඒ හා ආදරණීය හද තුළ
නොහැකිවන්නෙමු ඇතුල් වීමට.

කුමක්දෝ ඇත්තේ ය, ගැඹුරින් කුමක්දෝ
දැවෙන්නේ ය ඔබේ දෑස් තුළ,
මාගෙන් හා එතරම් ඈතින්,
තුසිතයේ තාරකා සේ...

තම සිරකුටිය තුළ, තමන් තුළ ම,
ඔබ,අසරණ තැනැත්තෙක්,
ආදරය තුළ හා මිත්‍රත්ත්වය තුළ හා සියල්ල තුළ ම
එක, එක සදහට ම.

ද්මිත්‍රී මෙරෙෂ්කෝව්ස්කි.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment