මම ප්‍රීතිමත්ය සෑම ලෙසකින්ම.තෙල නගරය මොහොතින් පෙඟුනේය.
තෙල පියැසි දූලි සහගත, පසුගියදා,
අද පෑදි සේද සේ දීප්තිමත්ය,
කඩා හැලෙන දිය දහර රිදී.
මම ප්‍රීතිමත්ය, මගේ දුක්කප්‍රාප්තිය වියැකෙන්නේය.
මදහසින් කවුළු තුලින් බලමි,
එතරම් කඩිසරව නුඹ, අසලින් පසුකර යන්නේය.
ලිස්සා යන විදි මත, තනිකඩවම.
මම ප්‍රීතිමත්ය, වැස්ස තදින් හැළුනට,
නාඳුනන දොරකඩ හැරගිය,
හකුළා දමන්න නුඹ තෙත කුඩය.
හා හැරයන්න වැසි වළාවෙන්.
මම ප්‍රීතිමත්ය, නුඹ මා අමතක කළාය.
කුමක්ද, පිළිවෙළ ඉක්මවූ ද්වාරමණ්ඩප වෙතින් පිය මනින,
නුඹ මාගේ කවුළුව දෙස බැල්ම නොහෙලන්නේය.
මුහුණ මතට මගේ නුඹ වීසි නොකරන්න.
මම ප්‍රීතිමත්ය, නුඹ මා, අසලින් පසුකර යන්නේය.
නුඹ මට තවමත් දෘශ්‍යමානය.
එතරම් ප්‍රශස්තය හා නිර්දෝෂිය.
ගෙවියන්නේය ලාලසී වස්සානය.
7 අප්‍රේල් 1908. මොස්කව්.
හොදසේවිච් ව්ලාදිස්ලාෆ්.
රුසියන් බසින් සිංහල බසට,
No comments:
Post a Comment