Tuesday, May 3, 2016

ප්‍රේමගීතය.



ආශා කරන්නට වූයෙමි මගේම සිහින,
රහස් ප්‍රාර්ථනයන් හා දවල් හීන
ප්‍රාණීන් තුල ආකර්ෂණීය වූයෝය කුසුමන්,-
එහෙත් ... ප්‍රජ්වලිත වන්නට වූයෝය සෙව්වන්දි!

ආශා කරන්නට වුයෙමි ලයරක් මම හිමිකරගැනීමට,
පපුකැනැත්ත තුල, හැඟීම්, නාඹරය සදහටම,
සේ ගීත,  හටගන්නේය ඒ තුල නාදනැගීම,-
එහෙත් ... කීතු කර හරින්නට විය හදේ තන්තු!

ආශා කරන්නට වූයෙමි මම මිනිත්තුවක් තුල සිහින
ග්‍රහණය කරගන්නේය මාධුර්යය අහ්ලාදයේ,-
එහෙත් ...මරණය පැමිණ තිබුනේය මා වෙත,
පැමිණෙන තුරු නොසිටින්නට පිබිදීම!

1889.
ලහ්වීත්ස්කයා මිර්රා.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment