Sunday, May 8, 2016

ඔබට හැකිවුවා නම්?




 
ව්ලාදිමීර් මයකොව්ස්කි.

මම කඩිනමින් ස්නේහනය කළෙමි සිතියම නීරස,
කොප්පයෙන් පාට ඉහුනු;
මම පෙන්වූයෙමි දීසිය මතවූ ජල්ලියේ
ඇල වූ කොපුල් ඇටය සාගරයේ.
කොරපොත්ත මත ටින් මාළුවාගේ
සජ්ඣායනා කළෙමි කැන්දා ගැනීමට නැවුම් දෙතොල්.
හැබැයි ඔබ
විචිත්‍රවත් සංගීතයක් වයන්නට
හැකිවූයේද ඔබට
බට නළාව මත ජලය ඉවත බසින පයිප්ප?

1913.
ව්ලාදිමීර් මයකෝව්ස්කි.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment