නැත. ඉවත් වන්න
කඩිනමින්. අහ්ලාදය වෙත නොකැඳවන්න.
ආදරය කිරීම? - කරමින්
ආදරය, මරාදැමීම - මෙන්න රමණීයත්වය ආදරයේ.
මම එකෙනෙහිම පමණක් ආදරය
කරමි - හා පසුබසිමි එපිටට.
මා සමග පෑදී දිනක් විය -
මා පසුපස රාත්‍රිය එතෙන්නේය.
මම ආදරය නොකරමි ඔබට. මට
නුඹව නැසීමට දුකය.
පලා යන්න, තවම නුඹට
හැකිය ආදරය නොකිරීමට.
ආලෝකමත් වන්නේය හා
උනුසුම්වන්නේය?.. - ඉවත් වෙයන්! හැකිය මට පිළිස්සීමටපමණක්.
1898 ට පෙර.
කන්ස්තන්තීන් බල්මොන්ත්.
රුසියන් බසින් සිංහල
බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
No comments:
Post a Comment