Thursday, September 8, 2016

සිසිරයේදී.






යුර්ගීස් කසිමිරෝවිච් බාල්ත්‍රෂායිතිස්.


කරක් ගැසුවෙමි තනිකඩව වෙහෙසටපත් පියවරින්
බිහිරි බැදි පෙත්මගේ......
කන්කළු මර්මර නද කඳුර මතින්
තවත් කෙඳිරිගෑවෙන්නේ නැත මා සමගින් ......

නීළ වන් ඈත සුභ පැතිමෙන් තොරව .....
තිමිරය එතෙන මිහිකත වටා ........
කවර දුක්මුසු සළකුණක්ද,
ක්ෂණිකව ප්‍රභාවන කොකුන් බිරුසන්නි ......


පාවෙන්නේය ඔවුන්ගේ චංචල ත්‍රිකෝණය,
සංයෝගවෙමින් පිපිහළු නීළවන් සමගින් ......
යදින්නේය, හිරිප්පාඩු වහලුන්,
නිදහසේ පංගුව සරන්නේය!

යුර්ගීස් කසිමිරෝවිච් බාල්ත්‍රෂායිතිස්.
රුසියන් බසින් සිංහල බසට,

ෆිලික්ස් ප්‍රනාන්දු.

4 comments:

  1. නියම තැනක්.අදයි ආවේ....

    ReplyDelete
  2. ආයුබෝවන්! හැමදාම එන්න.

    ReplyDelete
  3. සෙනෙසුරදා දවසක පොකුණක් පැත්තේ ඇවිදින්න ගියහම හිතෙන දෙයක් තමයි.

    ReplyDelete
  4. ඇත්තෙන්ම.නියමයි ඔබේ සිතුවිල්ල.

    ReplyDelete