Friday, November 4, 2016

සිහිනය.


සරා කල රැයක
පෙනුනේය මට හීනයක්:
රාජධානියක මම,
රජෙක් විය.

රන් රිදී
චකිතයට පත්විය මම,
අටු, කොටු
විවරය සැමට.

සෑම පුරුෂයෙකුටම
ලබාදුන්නේමි මම කාන්තාවක්,
කාන්තාවන්ට දුන්නෙමි මම
නිවහනක් හා පවුලක්,

දරුවන්ට - ළදරුවන්ට
මව හා පියා,
ලොවට අවංක
සේවකයින් හා මිතුරන්

සැමටම දෝතින් දුන්නෙමි මම
බලය මගේ
දිදුළන සංතෘෂ්ටිය
විශ්වාස කළෙමි ජනයා.



1891.
යාකොෆ් ඉගෝරවිච් ඉගෝරෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments:

  1. අගෙයි.................. හොද පරිවර්ථනයක්.........

    ReplyDelete
  2. තමත් නියමෙට කරන්න උත්සහ කරනවා.

    ReplyDelete