Friday, May 26, 2017

වසන්තයේ දුම්රිය.





පළමු  දිනය. දුම්රිය වේගයෙන්
ඇදෙන්නේ තියෝප්ලස්තාන් වෙතින්ය.
කවුළු තුළින් ඉගිලෙති ගිරි,
ගස් හා ටියුලිප් මල්.

පසුව කාලසටහන මත
පාළු ශ්‍රීෂ්මාධික සහින් හඬ
නැවතුම් පල, හැඳින්වෙන!
සක්සාඋල්.

දෙවන දිනය. එනමුදු සියල්ල එසේමය
පාළු නිස්සාර පළාත.
ඔබ හිතනවාද කවදාද
අවසන් වන්නේ එය?

ඉතින් මෙන්න වනාන්තර හා ස්ටෙප්ස් තණ බිම්.
මම අධෛර්ය්‍යට පත් නොවීම පිණිස,
සියළු ප්‍රභාවයන් තුල
ගලන්නේ ය උරාල් ගඟ.

තෙවන දිනය. දකිමි නැවතත්
සුන්දර වනපෙත්.
තම්බෝෆ් අක්ෂාංශය මත
ආසිරිගන්වති වසන්තය.

වේගය ලබාගනිමින්,
ගුවන් යානයක් සේ “ දුම්රිය 2 “
ඉගිලෙන්නේ ය වසන්ත දුම්රිය
ආල්මා ආතා - මොස්කව්!


නිකළායි ග්ලාස්කෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු. 

3 comments:

  1. Replies
    1. ඔයාට පුලුවන්ද අපිට රුසියානු භාෂාව ඩිංගක් ඉගෙනගන්න පාඩම් මාලාවක් කරන්න... කොටස් වශයෙන් ලිපි ටිකක් ලිව්වනන් සුපිරි...

      Delete
  2. පුලුවන්. මේ දවස් වල විපතට පත්වූවන් සඳහා රාජකාරී. ඉල්ලීම ඉක්මනටම ඉටු කරන්නම්.

    ReplyDelete