Tuesday, November 19, 2019

නිකිණි.


හිමිදිරියේ ම එබී බැලුවේ ය දිනිඳු.


ගිවිසගත් සේ, මුළා නොකරමින්,
හිමිදිරියේ ම එබී බැලුවේ ය දිනිඳු
නො ගැඹුරු කුංකුම කිරණින්
කඩතුරාවේ සිට කවිච්චිය තෙක්

දියනෙත වසා දැමුවේ ය කිපුණු රන් පැහැයෙන්
අසබඩ අරණ, ගම්මානයේ නිවස්න,
මගේ යහන, තෙත කොට්ටය
හා පොත් රාක්කයෙන් එහා බිත්තියේ දාරය.

ම‍ගේ සිහියට නැගුණි, කිනම් හේතුවකට
යන්තමට පෙඟුනේ ද කොට්ටය.
මා හට සිහිනෙන් පෙනුණි, කුමක් මා වෙත රැගෙන ඒමට තත් මතින්
අරණේ ගියෙමු ද අප එකිනෙකා පිටුපසින්.


අපි ගියෙමු එක රෑනට, වෙන් වෙන් ව හා ජෝඩු ව
හදිස්සියේ කවරෙකු දෝ සිහි කළේ ය, අද
නිකිණි මස හය වන දා පුරාණ දින දසුන අනුව,
රූ පෙරලිය සමිදාණන්ගේ.

සුපුරුදු පරිදි ආලෝකය අග්නිජාලා විරහිතව
නික්මෙන්නේ ය එම දවස තුළ ප්‍රසාදයෙන්,
සිසිරය, නෑඹුල් ය, නිමිත්තක් සේ,
තමා වෙතට බැඳත්තේ ය බැල්ම.

ඔබ ගියේ ය කුඩා, දීන
නග්න, සලිත පඳුරු අතරින්
ඉගුරු පාටට රතු කැරකෝප්පු අරණ තුළ
පිළිස්සුණු, ඉගුරු පාන් සේ.

මුනිවත සමගින් ඔහුගේ මුහුණතින්
නබෝ ගැබ හා එක් ව අහංකාර,
සැවුල් හඬ
නින්නාද දුන්නේ ය දිගු දුරින්.


අරණ තුළ රජයේ මිනින්දෝරුවරයාගේ
මරණය අපේක්ෂාවෙන් සිටියේ ය පල්ලියේ සුසානය,
බලමින් මිය ගිය මගේ මුහුණ
හාරා සොයා ගැනීමට කුහරය මගේ උසට සරිලන.

සියල්ලන්ගේ ශාරීරික ස්පර්ශය සමග සිටියෙමි
නො කැළඹුණු හඬ කාගේ දෝ අසලින්.
ඒ පුරුදු හඬ මගේ කාල්පනික
නද දුන්නේ ය දිරාපත් නො වු ස්පර්ශයෙන්.

“ ආයුබෝවන්, නීල ගැඹ රූපාන්තරණයට
හා රන්වන් දෙවැනි ගැළවුම්කරුවාගේ
මෙළොක් අවසන් ආලිංගනය කාන්තාවගේ
ශාප ලත් හෝරාව මා හට දොම්නස ගෙනෙයි.

ආයුබෝවන්, සදාකාලික බවේ දිගු කාලයට,
සමාව දෙන්නෙමු, නින්දාවේ ආගාධයට
පනින අභියෝගාත්මක ගැහැණියට
මා - ඔබගේ සටනේ භූමිය යි.


ආයුබෝවන්, අවකාශයට පියා පත් දිග හැරෙන
පියාසැරිය නිදහස් මුරණ්ඩුකමේ
ලොවේ ප්‍රතිමූර්තියට, වදනේ ප්‍රකාශිතයට,
නිර්මාණශීලිත්වයට හා පෙළහරට“.

බරීස් පස්තෙර්නාක්,
1953.
රුසියන් බසින් සිංහලයට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
2018.

No comments:

Post a Comment