Monday, November 25, 2019

හිමිදිරියේ ම ඇයව අවදි නො කරන්න ඔබ.




හිමිදිරියේ ඈ එතරම් ම ‍මිහිරට සැතපෙන්ණී ය.


හිමිදිරියේ ම ඇයව අවදි නො කරන්න ඔබ
හිමිදිරියේ ඈ එතරම් ම ‍මිහිරට සැතපෙන්ණී ය
ප්‍රභාතය හුස්ම ගන්නේ ය ඇගේ ළැම මත
දීප්තිමත් ව දැල්වෙන්නේ ය කොපුල් තුළ වූ බුහුරු මත.

කොට්ටය ඇගේ උණුසුම්
ජ්වලිත ය වෙහෙසකර සිහින
කළු වන් වෙමින්, දිව යති උර මතින්
කෙස්වැටි ගෙතූ පීත්ත පටි දෑ‍ලේ
  
පෙර දින කවුළුව අසල රෑ මුව
දිගු, ඉතා දිගු කලක් අසුන් ගෙන සිටියා ය ඈ
විපරමෙන් බැළුවා ය මේකුළු අතර ක්‍රීඩාව
ලිස්සා යමින්, සඳ ඇරඹු.

වඩාත් දීප්තිමත් ව ක්‍රීඩා කළේ ය සඳ
වඩාත් හඬින් සිවුරුසන් බෑවේ ය රෑ කොවුලා
සියල්ල සුදුමැලි බවට පත් කළේ ය සඳ
හදවත ස්පන්දනය විය රිදුම් දෙමින් හා වඩ වඩාත් රිදුම් දෙමින්.

ඒ බැවින් දෝ නාඹර ළැම මත
දෙකොපුල් මත ප්‍රභාතය එතරම් ම දැවෙන්නේ.
අවදි නො කරන්න ඔබ ඇයව, අවදි නො කරන්න....
හිමිදිරියේ ඈ එතරම් ම මිහිරට සැතපෙන්ණී ය!

අෆනාසියි අෆනාසියෙවිච් ෆ්යෙත්.
1842.
රුසියන් බසින් සිංහලයට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
2006.

No comments:

Post a Comment