Wednesday, November 27, 2019

වටුකුරුල්‍ලෝ අතුරුදන් වූහ.




කොක්කු පියාසර කරති.


වටුකුරුල්ලෝ අතුරුදන් වූහ
පෙර දා අළුයම
සියළුම කපුටෝ පියෑඹූ හ
ඔව්, දැළක් සේ, මද දීප්ත ව
ඔන්න ඒ පව්ව මතින්.

සන්ධ්‍යාවේ සිට සියල්ලෝ ම නින්දේ ය
අංගනය ගිලී ඇත අඳුරේ.
වියළි පත් පතිත වෙයි
රාත්‍රියේ සුළඟ විරසක ය
සුළඟ කවුළු පියන් මත ගැටෙන්නේ ය.

හිම හා හිම කුණාටු වන්නේ නම් වඩාත් යහපත් ය
ළපැත්ත හමු වීම ප්‍රසන්න ය!
තිගැස්ම සමග සේ
වියරුව යටිගිරියෙන් කෑ ගසමින්, දකුණු දෙසට
කොක්කු පියාසර කරති.

පිටත් වන්න ඔබ - නිතැතින්
දුෂ්කරයි - කැමති නම් හඬන්න!
බලන්න ඔබ - දෙණිය අතරින්
පෙරලන්න - දෙණිය
පනින්නේ ය, පන්දුවක් සේ.

අෆනාසියි අෆනාසියෙවිච් ෆ්යෙත්.
1854.
රුසියන් බසින් සිංහලයට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
2006.

No comments:

Post a Comment