Saturday, November 9, 2019

අල්යෝනුෂ්කා.




දෑස් ඇගේ ජ්වලිත ය.

අල්යෝනුෂ්කා වනයේ විසුවා ය,
අල්යෝනුෂ්කා තලඑලළු ය,
දෑස් ඇගේ ජ්වලිත ය,
ජෝතිමත් ය, තිර ය.
ඩිංග ඩිංග අල්යෝනුෂ්කා,
මත්පැන් පානය කරන්නී ය පියා සමගින් - අඩිය පෙනෙන තෙක්.
ඈ ගියා ය වනරොදට එබී බලන්නට,
මිතුරා සෙවීමට, පඳුරු තුළ සෙලවෙන්නට විය,
කවරෙකු වනයේ දී හමුවන්නට ද?
පයින් ගස් පමණක් පැද්දෙන්නේ ය!
අල්යෝනුෂ්කාට පාලුව දැනුණී,
අලසකමින් වෙහෙසට පත් වූවා ය,
දැල්වූවා ය විසල් ගිණි මැළයක්,
වියලි බව අග්නිය කොහේදෝ රැගෙන ගියා!
අළු කර දැමුවා ය අරණ අල්යෝනුෂ්කා
යොදුන් දහසකි, පෙණ පිඬු වෙතට
වියැකි ගියේ කොතැන ද ඇය
මෙතෙක් හඳුනා නො ගත්.

ඉවාන් අලෙක්සේවිච් බුනින්.
1916 ජූනි 20.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
1996 ජනවාරි 10.

No comments:

Post a Comment