Monday, November 25, 2019

අම්මා, කවුළුවෙන් බලන්න කෝ.


රළු නැති, ලා නිල් වන් තුහින, ඉති මත එල්ලුණු


අම්මා...! කවුළු‍‍වෙන් බලන්න කෝ
දන්නව ද, පෙරදින අහේතුකව නො‍‍වේ බළලා
සේදුවේ නාහය
කිළිටි නොමැතිව, මුළු අංගනයම වැසිලා
ඔපවැටිලා, සුදට හැරිලා
පෙනෙන්නේ තුහින ඇති බවයි.

රළු නැති, ලා නිල් වන්
තුහින, ඉති මත එල්ලුණු,
ඔබවත් බලන්න,
එකෙකු සේ විපුල
නෑඹුල්, ඕදාත, තරබාරු පුළුන් ඇතුරුම
ඉවත් කළේ ය සියළු ගොමු.

දැන් තවත් විවාද සිදු නොවන්නේ ය.
හිමයානයෙන්, ඉහල සිට
විනෝදාත්මක ය රූටන්නට!
ඇත්ත නේද අම්මේ? ප්‍රතික්ෂේප නොකරන්න
ඔබ ම, සමහර විට, කියයි
“ ඉතිං, ඉක්මනටම ඇවිදින්න යන්න! “

අෆනාසියි අෆනාසියෙවිච් ෆ්යෙත්.
1887.
රුසියන් බසින් සිංහලයට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
2006.

No comments:

Post a Comment