Monday, March 6, 2017

ජනතා ජයග්‍රාහකයා.




ආපසු පැමිණියෝ ය සොල්දාදුවෝ යුද්ධයෙන්.
රේල්පාරවල් මතින්
දවාලයේ හා රාත්‍රියේ දුම්රිය ඔවුන්ව ගෙන ආවේ ය.
කබා ඔවුන්ගේ දූවිල්ලෙන් වැසී ගියේ ය.
හා දහදියෙන් තවත් ලුණු රස එකතු වන්නේ ය
ඒ වකවානුව නිමක් නැති වසන්තයේ ය.

ආපසු පැමිණියෝ ය සොල්දාදුවෝ යුද්ධයෙන්.
මොස්කව් නගරයේ ඇවිද්දෝ ය හා ටක්කෙටම සිහින,
උණුසුම්ව ඇත හා මත්ව ඇත,
උද්‍යාන මලින් පිරී ඉතිර ගියේ ය.
සත්ව උද්‍යානයේ හස්තීහු කුංචනාද කළෝ ය,
ආපසු පැමිණියෝ ය සොල්දාදුවෝ යුද්ධයෙන්!

ආපසු පැමිණියෝ ය නිවසට මහල්ලෝ
හා බොහෝ සෙයින් තරුණ පියවරු
මොස්කව් නගරවාසීහු, ලෙනින්ග්‍රාද් නගරවාසීහු, දොන් නගරවාසීහු..
ආපසු පැමිණියෝ ය සයිබීරියානුවෝ!

ආපසු පැමිණියෝ ය සයිබීරියානුවෝ
දඩයක්කරුවෝ හා මසුන්මරන්නෝ,
හා බරවාහන රියදුරෝ,
බළය දරන්නෝ සාමකාමී මිටියාවත්හී,
ආපසු පැමිණියෝ ය ජනතා යෝධයෝ

1945.
ලිඔනිද් මර්තීනෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Sunday, March 5, 2017

කොතැනද ලෙනින්?




කොතැනද ලෙනින්?

ලෙනින් සමාධිය තුල.
හා පදක්කම් මත. තරු තුල.

කොතැනද ලෙනින්?

දින වකවානු, ජයන්ති....
නමුදු කොතැනකද ලෙනින් ? ලෙනින් කොහේද?
කොහේද ලෙනින්?

ඔහු පොත් රාක්ක මත.
එනමුදු නොසිටින්නේමය සියවසක් පුරා
තිර පාදස්තලයන් මත
පුස්තකාල තුසර තුල!

කොහේද ලෙනින්?
සැඳෑවේ මන බදින්නේය
නිසසලව ගිල්වාදමන්නේ ය සිහින තුලට,
නමුදු ලෙනින් අනපේක්ෂිතව කවුළුවෙන් එබී බලන්නේය:
සියළු පැණයන් විසඳි ඇත්ද?

කොහේද ලෙනින් ?

මේ ඔහුගේ නිවස්නයි,
මේ ඔහුගේ කන්තෝරු කාමරයයි ක්‍රේම්ලීනයේ!

කොහේද ලෙනින්?

එහි, කොහේද ඉරණම මිහිකතේ
අවසන් කිරීමට මිහිමත ජනයාගේ!

1965.
ලිඔනීද් මර්තිනෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

විසිවෙනි සියවස.



ස්මරණය කරමි
විසිවෙනි සියවස
එහි දුරකථන හසුරුව,
එහි විදුලි පණිවිඩ කේත,
තන්තු කටු.

ස්මරණය කරමි
නිශ්චල සෝපාන
සිසාරා උණුසුම් නොවන ගොඩනැගිලි තුල
වියැකි ගිය අක්ෂර
හා දැවෙන සරාගී පාඨ.

ස්මරණය කරමි
ඒ පුවත්පත්,
ස්මරණය කරමි, ඒ දැන්වීම් පුවරු,
ස්මරණය කරමි, ඒ හිරු උදාවන්,
ස්මරණය කරමී, ඒ හිරු අවරට යාම්.

ස්මරණය කරමි,
චීන පවුර
හා නිර්මාණාත්මක රඟහල,
බොරවූ කුළදෙටුවාගේ පොකුණු,
ප්‍රඥාව මුහුකුරාගිය සහෝදරයින්ගේ.

ස්මරණය කරමී
තුනී දිස්නෙ දෙන පියාපත්
හා යෝධයින්ගේ ශිරස්කය,
ස්මරණය කරමි චිත්‍රපට, නිහඬ වූ
හා සියල්ලම නිහඬ නොවන.

ස්මරණය කරමි මම
තරප්පු හීන් හඬ නගන
හා විදුලිය පිළිස්සෙන.
ස්මරණය කරමි මම සහසික ඉරණම
අපගේ පරපුරේ.


ලිඔනිද් මර්තීනෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Saturday, March 4, 2017

මලින් බර සරා කල.



මලින් බර සිසිරය, වසරේ සැඳෑ සමය
මට සිනාසෙන්නේ ය දීප්තිමත්ව.
එනමුත් මා හා පරිසරය අතර
තුනී වීදුවක් විය.

ඒ මුළු ලොවම අතැඹුලක් සේ,
එනමුත් මාවෙත ආපසු නොඑති.
තවමත් මම ඔබ සමගයි, නමුදු රිය මැදිරිය තුල
තවමත් මම නිවසේ, නමුදු මාවතේ.

සාමුයිල් මර්ෂාක්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

පෙළහරෙන් පෙළහරට.


කවදා ද ඒ අරණ කළුපාට වූයේ
විනිවිද පෙනෙන, මුඩු.
පෙනෙන්නට වූයේ ය පෙළහරෙන් පෙළහරට,
සිදුවූයේ කුමක්ද අරණට හරිතවන්.

එනමුත් සෑම වසන්තයකම පෙළහරක්
සිදුවන්නේ ය ඇත්තෙන්ම.
බලනු ගස්, සිහින් සිනිඳු ලෝම,
මුළුමනින්ම පළඳිති.

නැගිට සිටිති, හේමන්තය පොරවනය සොලවමින්,
කුදු නොවෙමින්, වක නොගැසෙමින්,
සහෝදරියන් සේ, පියාගේ වියන යටින්
මනාලියන් වෙමින් ආපසු පැමිණියෝය.

සාමුයිල් මාර්ෂාක්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Friday, March 3, 2017

සැඳෑ අරණ තවමත් අවදියෙන්.



සැඳෑ අරණ තවමත් අවදියෙන්.
තාරකපති නැගඑන්නේ ය දීප්තිමත්ව.
කොතැනද ගස් කිරිකිරි හඬනගන්නේ,
මහළු කපුටෙක් කරව් කරන්නා සේ.

ඒ රෑ මුළුල්ලේම ගයන්නට උවමනාය.
අසමත් වුවන් වෙතට ගායනයට
වකගැසෙන්නට පමණක් කිරිකිරි හඩ තෙක්,
හමුවෙමින් රැය වසන්තයේ.

සාමුයිල් මර්ෂාක්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Wednesday, March 1, 2017

බැටළුවෝ.



ප්‍රපාතාකාර කඳු මංපෙතේ
ගියේ ය නිවසට බැටළු පැටවෙක් කළු
වක ගැසුනු පාලම මතින්
වරක් මුණගැසුනේ ය සුදු සහෝදරයා සමගින්.

කිවේ ය සුදු බැටළු පැටවා :
“ සහෝදරය,කෙසේද කටයුතු :
මෙහි යුවලටම නොහැකිය අතරින් යාමට,
නුඹ මගේ මඟේ සිටින්නේ. “

කළු සහෝදරයා පිළිතුරු දුනි :
“ මා, අපි අපේ මනසේ, බැටළුවෝ,?
මගේ ගාත් පවා හේබානවා,
පාරෙන් පිටතට ගියොත්! “

එකෙක් අංතට්ටුව සෙලවීය,
විවේකයක් දෙමින් අනෙකා ගාත්වලට....
අංතට්ටුවෙන් කරකවන්නා සේ නොවේ,
යුවලටම නොහැකිය අතරින් යාමට.

ඉහළින් හිරු පුළුස්සුවේ ය,
එනමුදු පහළින් ගඟ ගලන්නේ ය,
එම ගඟේ හිමිදිරියේම
ගිළුනේ ය බැටළු පැටව් බානක්.


සිර්ගේයි මිහාල්කෝෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.