දකිමි දෑස් ඔහුගේ කබලට වණින්,
ගෞරී හිසකේ හණ වැන්න.
මා අභිමුඛයේ වලෝද්යා උළියානෝෆ්,
දිවියේ අපි හමුවන්නේ මුල්වරට නොවේ.
මතකයි, ඉගෙනිමට පාසැලට මා ආ යුරු,
පොත පෙරළුවෙමි
යන්තමින් කනස්සලු වන,
හමුවුනෙමි ඔහු සමගින් මුල් පිටුවේ:
එලෙස විවර වන්නේය අපගේ මං පෙත.
සියවසක්,නොහික්මුණු සයුර මෙන්, පෙණ ලන.
ඔහු තුල සැනසීමක් නැත්තේය, විවේකයක්
නැත්තේමය.
බලන්නේය ප්රතිමූර්තිය තුලින් චිත්තාපර
ලෙනින්,
රාජාලියෙකු සේ සුපරීක්ෂාකාරී මනහර බැල්මෙන් ලොව
දෙස.
ඔහු අපහට අගය ඇති සේය!
යමි මිටියාවත්
ගමේ අවදිවෙමි හිමිදිරියේ,
සවන් යොමමි
අමතන්නේ ය ඔහුට මව්බිමේ පුතු සේ,
සවන් යොමමි
හඳුන්වන්වති ජනයාගේ පියා සේ.
රසූල් ගම්සාතෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්රනාන්දු.








