Friday, March 17, 2017

යොවුන් බෙරකරු.



අපි කාලතුවක්කු ප්‍රහාර එල්ල වී බිඳ වැටුණු පාර මතින් ගියෙමු,
අපි මරණය දුටුවෙමු මුහුණට,
ඉදිරියට ඇදුනේය හමුදා අනුකණ්ඩ
ස්පාටකස්වරුන්ගේ, නිර්භීත සටන්කරුවන්ගේ.

අප අතරේ සිටියේ ය යොවුන් බෙරකරුවෙක්.
ප්‍රහාරවලදී ඔහු ගියේ ය ඉදිරියට
තුටු වෙනත් බෙරයක් සමගින්,
බොල්ෂෙවික්වරුන්ගේ ගිනිසිළුව සමගින් හදවතේ.

එක් රැයකදී නැවතුම් පොළේ
ඔහු ගීතයක් උද්යෝගිමත්ව ගැයුවේ ය,
එනමුදු, සතුරාගේ උණ්ඩයෙන් පහර ලැබ,
අවසානය දක්වා ගායනා කිරීමට නොහැකි වූයේ ය.

සිහින් සිනහවකින් යොවුන් බෙරකරු
කොරොස් මිහිමතට වැටුනේ ය,
නිහඬ වූවේ ය අපේ යොවුන් බෙරකරු,
ඔහුගේ බෙරය නිහඬ ය.

නිහඬ වන්නට විය සටන් පැවති වසර,
අවසන් ය අපේ තේජාන්විත පාගමන.
මරා දැමුණි අපේ යොවුන් බෙරකරු,
එනමුදු ඔහු පිළිබඳ ගීතය නොමැරෙන්නේ ය.


1929.
මිහායිල් ස්වෙත්ලෝෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment