Sunday, March 12, 2017

ස්මරණය.



වත්මන් ඔක්තෝම්බරය එවක වූව නොවේ.
එවක වූ ඔක්තෝම්බරය වත්මනේ නොවේ.
දේශයේ, කොතැනද හඬනැගෙන්නේ සදොස් වාතාවරණය,
අතිශයින් ප්‍රීතිවිය හා මොරදුණි
ඔක්තෝම්බරය, සේ මෘගයෙකු,
ඔක්තෝම්බරය දහහත්වන වසරේ.

මම සිහිකරමි අඳුරු වූ
හිමෙන් වැසුණු දිනය.
එය මම බැලුවෙමි නීරස බැල්මෙන්.
යකඩ සෙවනැල්ල රැඳි සිටින්නේ ය
අඳුර විහිදුණු පෙත්රෝග්‍රාද් මතින්.


සියල්ලෝ ඉව ඇල්ලුවෝ ය අකුණු කුණාටුවට,
සියල්ලෝම දැනසිටියෝ ය කුමක්දෝ එය,
දැනසිටියෝ ය,
නොවේ අනිවාර්ත, දැනගැනීම, ගෙනයති
සොල්දාදුවෝ යකඩෙන් වූ කැස්බෑවෝ.

විසිර හැරියෝ ය.....
හිඳ ගත්තෝය පෙළට.....
සබයේ දී සලිත විය කලවයේ කණ්ඩරාව.....
කවරෙක් හෝ අනපේක්ෂිතව ඉරා දැමුවේ ය පෝස්ටර
බිත්තිවලින් බියසුළු ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයේ.

ආරම්භ වූයේ ය....
වීසිවිය දෙනෙත්,
සිවිල් යුද්ධයේ කම්පාවට
හා ගිනිදැල්වල දුමාරයෙන් අව්රෝරාවේ
නැගුනේ ය යවුල් අරුණෝදය.




සමාප්තවූයේ ය ශාපලත් ඉරණම,
දේශය මතින් මොරහඬ දෙමින් කලාල
වැගිරුණේ ය අභිලේඛන ගිනිගත් :
කම්කරු සභාව නියෝජිතයින්ගේ.

1924.
සෙර්ගේයි යෙසීනින්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment