Thursday, March 9, 2017

ලෙනින්.



ඔහු කවරෙක් වූයේද?
පුරෝගාමියෙක්, මිහිකතේ අනුශාසකයාය
ජනතාවගේ ඉච්ඡාව, කවරෙක් විසින් ද වෙනස් කලේ
මිනිසත්කමේ මංපෙත, කවරෙක් විසින් ද මිරිකා දමන ලද්දේ
එක් ධාරාවක් තුල තරංග කාලයේ.
ඔක්තෝම්බරය ඇතිරුවේය දිවිය තුල නව යුගයක්,
මහේශාක්‍යභාවයෙන් සියවස වෙන් කලේ ය,
සියළු යුගයන්ට වඩා, සියළු පියවරයන්ට වඩා,
පුනරුදයට වඩා හා අත්තීල් දින.
මිහිකත පෙර සේ ඉවසන්නේ ය, දුබලකම් හා වරදට යොමුවන්නන්;
මිහිකත නැවුම්, සමස්ථ සාගර
වැඩෙන්නේ ය ඔක්තෝම්බරයේ කුණාටුවෙන් : ලෙනින්
ලොව අද්දර ,සේ දැවැන්තයෙක්.
මිහිකත! හරිත ග්‍රහයා!
අසාර ගෝලය ග්‍රහ පවුලේ!
නුඹගේ මහිමය - ඒ නාමය
තේජස අතරින් නුඹේ - ලකල් නොවේ!
ඔහු මියගියේ ය; එක් නිමේෂයක් විය
යුග ගණනක්; එනමුදු කටයුතු ඔහුගේ පරිමාව
ඉක්මවා ගියේ ය දිවිය, හා හෙළිදරව්ව
ඔහුගේ - රැගෙන යන්නෙමු ලොවට.

1924 ජනවාරී 25.
වලේරි යාකොව්ලේවිච් බ්රූසෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment