Tuesday, March 21, 2017

චිත්තාපර ලෙනින්.




දකිමි දෑස් ඔහුගේ කබලට වණින්,
ගෞරී හිසකේ හණ වැන්න.
මා අභිමුඛයේ වලෝද්‍යා උළියානෝෆ්,
දිවියේ අපි හමුවන්නේ මුල්වරට නොවේ.

මතකයි, ඉගෙනිමට පාසැලට මා ආ යුරු,
පොත පෙරළුවෙමි
යන්තමින් කනස්සලු වන,
හමුවුනෙමි ඔහු සමගින් මුල් පිටුවේ:
එලෙස විවර වන්නේය අපගේ මං පෙත.

සියවසක්,නොහික්මුණු සයුර මෙන්, පෙණ ලන.
ඔහු තුල සැනසීමක් නැත්තේය, විවේකයක් නැත්තේමය.
බලන්නේය ප්‍රතිමූර්තිය තුලින් චිත්තාපර ලෙනින්,
රාජාලියෙකු සේ සුපරීක්ෂාකාරී මනහර බැල්මෙන් ලොව දෙස.

ඔහු අපහට අගය ඇති සේය!
යමි මිටියාවත්
ගමේ අවදිවෙමි හිමිදිරියේ,
සවන් යොමමි
අමතන්නේ ය ඔහුට මව්බිමේ පුතු සේ,
සවන් යොමමි
හඳුන්වන්වති ජනයාගේ පියා සේ.


රසූල් ගම්සාතෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments:

  1. ඔබව සම්මාන සඳහා නිර්දේශ වී තිබීම සතුටකි. ඊටත් වඩා සතුට නම් ඔබගේ බ්ලොගය දිනපතාම පාහේ සක්‍රිය වීමයි.. පසු ගිය දින වල බ්ලොග් කියවීම අඩුව ගොස් තිබු නිසා බෝහොදේ මහහැරී ඇත.. ජය

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් සතුටුයි නිර්දේශ විම පිළිබඳව. ඔබගේ ඇගයීමට අනේක වාරයක් ස්තූතියි. ඔබටත් ජයමවේවා.

      Delete