Tuesday, March 14, 2017

ලෙනින්ගේ ගීතය.



ජයග්‍රහණයේ කළඑලි උත්සවය හා එදිනෙදා දිවිය තුළ ශ්‍රමය,
වපුරමින් කෙත, ගොඩනගමින් නගර,
සෝවියට් දේශය මත, සිය රාජ්‍යය තුළ
අපි ලෙනින්ගේ ගීතය ගයමු.

ලෙනින් - අමරණීය සංකල්පයේ රතු ධජය යි,
ලෙනින් - ගිණිහුළයි සිහින් මීදුමේ.
ලෙනින් - විශ්වාසයයි, බලාපොරොත්තුවයි ජනතා සවියේ,
කොමියුනිස්ට්වාදය තුස්නා මිහිතලයේ.

වදන “ ලෙනින් “ සියළුම භාෂාවන්ගෙන් අර්ථවත් ය.
ලෙනින් නාමය ශක්තිමත් හා විශ්වසනීය දෑත් තුළය.
ලෙනින් සැමදා ජනයා සමගයි, චිරස්ථායි, කඩිසර
අපේ හමුදාව වැලපෙන්නේ ය අවිහරඹයන්ගෙන්.

මහත් කැළඹීමෙන් පිබිදුණු එළිමහන් බිමේ
අයිතිවාසිකම් රහිත මිලියනයක් ජනයා වැලනොකැඩී ආවෝ ය.
“ ලෙනින් “ වදනින් විශ්වාසීව හා චිරස්ථායිව සටනේදී
කොමියුනිස්ට්වාදීහු දිවුරුම් දෙති.

පැමිණෙන්නේ ය සමයක් - ශක්තිමත් හා නිර්භීත
සියළු ජනයා සටනේදී මිහිමත විලංගු බිඳ දමන.
අප සමගින් හා ලෙනින්ගේ මුරකරුවන් සමගින්,
පිබිදෙන්නේ ය ලොව ජය මාවතේ!

ලෙනින් - අමරණීය සංකල්පයේ රතු ධජය යි,
ලෙනින් - ගිණිහුළය සිහින් මීදුමේ.
ලෙනින් - විශ්වාසයයි, බලාපොරොත්තුවයි ජනතා සවියේ,
කොමියුනිස්ට්වාදය තුස්නා මිහිතලයේ.....

1960.
අලෙක්සේයි සූර්කෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment