Saturday, March 11, 2017

කොමියුනිස්ට් වාදියෙනි, සියළුම දෑත් ඔබ වෙත ඇදෙයි.....



කොමියුනිස්ට් වාදියෙනි, සියළුම දෑත් ඔබ වෙත ඇදෙයි,
බලාපොරොත්තුව සිටිති - විප්ලවය ? එය නොවන්නේද ?
නොවන්නේමය ලෝහිත අප වෙත ඇදෙන මොස්කව් නගරය,
නද දෙමින් ජාත්‍යන්තරයේ?

පුවතෙන් පුවතට, විප්ලවයේ, අරගලය,
දුම්රිය වැඩ වර්ජන.....
හමුවිය බර්ලීනයේ බොල්ෂෙවික්වරයෙක්, වහ‍ලෙක් නොවේ
ධනේෂ්වරයෝ නදදෙති බර්ලීනයේ.

බිඳ දමමින් සීමා මායිම්,
පියමනිමින් සියවස් ගණනක් කඳුමතින්,
අප වෙතට පැමිණෙන්නේය, ප්‍රංශ ජාතිකයින්,
රතු සත්‍ය බොල්ෂෙවික්වරුන්ගේ.

සියල්ල බොල්ෂෙවික්වාදය වෙතට මග පෙන්වන්නේය,
පිටව නොයන්නට රතු යෂ්ටියෙන් ඉවතට,
ජනසමූහය එංගලන්තය පුරා නියතවම යන්නේ ය,
කම්කරුවෝ බිම් ගෙවල් තුලින් එළියට පැමිණෙති.

කුමක්ද සත්‍ය රළ රැස සඳහා,
කුමණ සත්‍ය වෙත පියවර මනින්නේ ද ?
ඇමරිකාව තුලට ජනසමූහයා පැමිණෙන්නේ ය. වෙඩිබෙහෙත් සේ,
වහා ඇවිලෙන්නේය කම්කරු ඇමරිකාව.

කම්කරුවන් නොසිටින, එවන් රටක් පවතින්නේද,
එතැනදී ශ්‍රමය නොපවතින්නේය හා ප්‍රාග්ධනය!
කම්කරුවාගේ හදවත සෑම රටකම
බොල්ෂෙවික් සත්‍ය ප්‍රාග්ධනයයි.

අනුකම්පා නොකරන්නේ ය කිසිවෙකුට පහර,
දින ගෙවීයන්නේ ය හෙල් මුදුනේ,
හා ජීවත්වීමට අපේක්ෂා කරන්නේ ය කම්කරු බලය යටතේ
සියළු රටවල් හා සියළු නගර.

කිසිඳු බියක් නැති බැඳීම්.
එම සත්‍ය නිවාදමන්නේ නැත, හිරු සේ කිසි දිනක
එකක්වත් නිවානොදමන්නේ ය මහෝදරයින්!


1920 මාර්තු.
ව්ලදිමීර් ව්ලදිමීරෝවිච් මයකෝව්ස්කි.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment