Saturday, February 18, 2017

අන්ධයා.



ජනයා තම ඉදිරිය නොදකිමින්,
නොතකමින් චතුරශ්‍රයේ පිහිටි බංකු,
මංපෙතේ ඇවිදයන්නේ ය අන්ධව,
ස්පර්ශ කරමින් මිහිකත සැරයැටියෙන්.

ඔහුව තල්ලු කරති,
පසුකර යති ඉදිරියට,
හා ඒ මොහොතේ, කඩිමුඩියේ මුහුවන්නේ ය,
කවර ආකාරයෙන් දෝ පෙනෙන ලෙස ආමන්ත්‍රණය කරයි
සංවේදී වන්නේ ය
හා තල්ලු නොකරන්නේ ය.

එහෙත් මට ඇසෙන්නේ ය ඔහුගේ හඩ,
ඝෝෂාකාරි නොවන මනුෂ්‍යත්වයේ:
තල්ලුවන්නේ ය.... එය කිසිවක් නොවේ...
මම දැනගන්නෙමි,
කුමක් ආසන්නයේ ද - මිනිසුන්.

වසීළි ෆියදරෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment