Thursday, February 16, 2017

නිමේෂය.



ඇදී නොයන්න පෙළහර වෙත,
මනෝරම්‍ය කරවන්න ඔවුන්ව, මනෝරම්‍ය කරවන්න!
ඇදී නොයන්න තිදස් වෙත,
දෑසින් ඔවුන් වෙත ඇදීයන්න.

විමසිලි දෑස් යොමන්න වළාකුල් වෙතට,
දෙසවන් යොමන්න විහඟුන් වෙතට,
ආරූඪ වෙන්න නෑ හිත වතුන් වෙතට,
කිසිවක් නැවත නැවත සිදුනොවන්නේය.

නිමේෂයෙන් නිමේෂය, පියවරෙන් පියවර
රූ රාබසින්නේය විමතියට.
සියල්ල සිදුවන්නේය එලෙස හා සියල්ල නොවේ එළෙස
එක් නිමේෂයකින් අනතුඅරුව.

1964.
වදීම් ෂෙෆ්නේර්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.



Миг


Не привыкайте к чудесам –
Дивитесь им, дивитесь!
Не привыкайте к небесам,
Глазами к ним тянитесь.

Приглядывайтесь к облакам,
Прислушивайтесь к птицам,
Прикладывайтесь к родникам,
Ничто не повторится.

За мигом миг, за шагом шаг
Впадайте в изумленье.
Все будет так – и все не так
Через одно мгновенье.

1964 

4 comments:

  1. බොහොම අලංකාරයි ෆිලික්ස් මහත්තයෝ...
    හැමදාමත් කියනවා වගේ මේ රුසියන් රටාව හරිම අමුතුයි . අමුතු රහක් තියෙන්නේ. එක මෙහෙමයි කියලා කියන්න විදියක් නැහැ. එත් එක හරි අමුතු රහයි...

    ------
    ඔබේ බ්ලොග් පොස්ටු තව ටිකක් ලස්සන වෙයි කියලා හිතලා පොඩි යෝජනා දෙකක් දෙන්නම්...කැමති නම් විතරක් අත්හදා බලන්න.

    1.ඔබේ පොස්ටු වලට ගැලපෙන විදියේ ෆොටෝවක් පුළුවන් නම් පොස්ටුව පටන් ගන්න තැන දාන්න. අමුතු ලස්සනක් දැනෙයි කියලා හිතෙනවා.
    උදාහරණයක් විදියට ඔබේ මේ පොස්ටුවට මම මේ පහල ලින්ක් එකේ තියෙන ෆොටෝව යෝජනා කරන්න කැමතියි.

    http://orig01.deviantart.net/5a31/f/2013/283/3/4/136_by_yellanie-d6pyjlz.jpg

    2. ඔබේ සිංහල පරිවර්තනයට අදාළ රුසියානු මුල් නිර්මාණයේ ඉංග්‍රීසි පරිවර්තනයේ වචන හෝ වෙබ් ලින්ක් එකක් හෝ පුළුවන් නම් පොස්ටුවේ අගට දාන්න. එතකොට ඔබේ පොස්ටුවේ රුසියානු මුල් නිර්මාණය කියවන්න ආස හිතෙන අයටත් ලොකු පහසුවක් වෙයි. ඔබේ පරිවර්තනයේ උදව්වෙන් ඒ රුසියානු මුල් නිර්මාණය තව අලුත් පාඨක පිරිසක් අතරට යාවි...

    ReplyDelete
  2. ඔබගේ යෝජනා ඉන්තේරුවෙන් පිළිගන්නවා.මෙම රුසියානු මුල්කවියේ ඉංග්‍රීසි පරිවර්තනයක් වි ඇද්දැයි මම නිශ්චිතව දන්නේ නැහැ. මම මෙම කවි පරිවර්තනය කරන්නේ මුල් නිර්මානය පරිශිලනය කරලයි.ඒ නිසා ඉංග්‍රීසි පරිවර්තනයක් පිළිබඳව ලින්ක් එකක් දෙන්න බැරි වෙයි. මුල් රුසියානු කවිය පොස්ටුව අගට එකතු කරන්නම්. මම පරිවර්තනය කරන්නේ මුල් රුසියන් කවියෙන්මයි. ඔබගේ යෝජනා නිතැතින් අගයමි.
    තුති.

    ReplyDelete