Friday, February 24, 2017

ලෙනින්.



අපි දකින්නෙමු පෙත්රොග්‍රාද් නගරය
දහහත්වන අවුරුද්දේ:
දුවන්නේ ය නාවිකයා, දුවන්නේ ය සොල්දාදුවා,
වෙඩි තබති ගමනේදී.

කම්කරුවෝ අදිති තුවක්කු.
දැන් ඔහු සටන්කරන්නේ ය.
පතාකය එල්ලෙන්නේ ය: “ භංගවේවා රදළයින්
ඉඩම් හිමියන් භංගවේවා“

රැගෙන යති හේවාපන්න හා මැදිරි
කොඩි මහන හන රෙදි,
හා බොල්ෂෙවික්වරු ඉදිරියේ,
රැකවලුන් ඉලිච්ගේ.

ඔක්තෝම්බරය! සදහටම පෙරළා දැමුවේ ය බලය
ධනේෂ්වරයින්ගේ හා රදළයින්ගේ.
එලෙස ඔක්තෝම්බරයේ දී සිහිනසැබෑ විය
කම්කරුවන්ගේ හා ගොවීන්ගේ.

ජය ලබාදීම පහසුනොවේ,
එනමුදු ලෙනින් ජනයා යොමු කළේ ය,
ලෙනින් දුරදක්නාය,
වසර ගණනක් ඉදිරියට.

තම දැක්මේන්
ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්
සියළු කම්කරු ජනතාව
එක්සත් කළේ ය සදහටම.


සිර්ගේයි මිහාල්කෝෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment