Tuesday, February 21, 2017

ලෙනින් සැමදා ඔබ සමගයි.



දවසින් දවස දිවයන්නේ ය වසර
අරුණෝදය නව පරම්පරාවේ.
එහෙත් කිසිවෙක් හා කෙදිනක
අමතක නොවේ නාමය: ලෙනින්.

ලෙනින් සැමදා ජීවතුන් අතරය,
ලෙනින් සැමදා ඔබ සමගයි
දුකේ දී, බලාපොරොත්තුවේ දී, ප්‍රමෝදයේ දී.
ලෙනින් ඔබගේ වසන්තයේදී,
සෑම වාසනාවන්ත දිනකදීම,
ලෙනින් ඔබ හා මා තුල!

ඉකුත්ව ගිය පැයේ දී, දැඩි තිමිරයේ දී,
සෝවියට් බලයේ අරුණෝදයේ,
ඔහු පැවසුවේය, මිහිමත
අපි ගොඩනගන්නෙමු ජනයාට සන්තෘෂ්ටිය.

අපි පක්ෂය පසුපස යමු,
ගෞරව සම්මාන දෙමින් රාජකාරියෙන් මව්බිමට,
සියළු අයුරින් විශල වූ
සෑම කටයුත්තක් තුලින්ම ලෙනින් අප සමගයි.

ලෙනින් සැමදා ජීවතුන අතරය,
ලෙනින් සැමදා ඔබ සමගයි
දුකේ දී, බලාපොරොත්තුවේ දී, ප්‍රමෝදයේ දී.
ලෙනින් ඔබගේ වසන්තයේදී,
සෑම වාසනාවන්ත දිනකදීම,
ලෙනින් ඔබ හා මා තුල!

1955.
ල්යෙෆ් ඔෂානින්.
රුසියන් බසින් සිංහලට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment