Wednesday, September 28, 2016

දිළිඳුකම.



අප්‍රහතිව නැත, මගේ කුඩා මිතුරා.
කෝප නොවන්න කෝපාවිෂ්ඨ සුල්තානා සමග.
අපි නුඹ සමග නොයන්නෙමු දකුණු දෙසට.
අපි කිමිදෙන්නට අභිප්‍රාය නොකරන්නෙමු ඉංග්‍රීසි ඔඩයේ.

මම නුඹට එතරම්ම මෘදුව අාදරය කරමි,
සියළු හදිසි සංකල්පනා සුදානම්ය ඉටු කිරීමට මම.
නමුත්, අහෝ, මම නුඹට මිලදී නොගන්නෙමි
බ්‍රසල්ස් රේන්ද ගවුම්.

ඒ හෙයින්..... ඉසුරුමත් වුවත් මූසිකය,
පළායන්නී ආශ්චර්යමත් ගිනිදළු සමගින්?!
කුමක්ද නුඹ, මගේ මූසිකය, නිහඩවන්න?
හෝ, දුප්පත්, නුඹට මම නොපෑහෙ?

දුක් නොවන්න. එය මේ දක්වා පමණයි.
වෙනස් කල තම ගවුම වාටිය සමග,
හැඳගත් විට එය, ප්‍රභාමත්ය හා සැහැල්ලුය,
ත්වෙර්ස්කයා මත නුඹ පියමැන්නාය වසන්තයේ.

නුඹ පාළුවෙන්, බස් රථයට ගොඩ වෙමි
පොල්කේක් සොයා යමි!
මම නොවේද නුඹේ හුරතල් රසය,
දෙවියන්ට තුති, ටිකක් දන්නෙමි ....

ඇත්තටම ජීවිතය දැනටමත් අවසන්ය?
ඇත්තටම අපේ බලාපොරොත්තු නිෂඵලය?!
අවධානය යෙමුකරන්න මියුර්ශේ මහතාට,
නුඹට පෙනෙන්නේද, ජීවිතය ලකල්ය.

විඤ්ඤානය හා, කුමක්ද අපේ දෛවය
ඇත්තේය කවරාකාරයේ ප්‍රඥා සම්පන්න ගැහැට?!
ඇත්තටම එය අපහසාත්මක නොවේ නුඹට?
ඇත්තටම එවැනි විඥාන සුළුය?...

ජීවත්වීම, තේරුම් ගන්නාවූ, සියල්ල - හිස්ය!
ලොව දැකීමට, කැබලි වලට පත්වූ! ..
තේරුම් ගන්නේද නුඹ, ඒ දේ තෙක්
අපිට ඊර්ෂියා කරන්නෝය පැවත එන්නන්?!

උරණ නොවන්න කෝ, මගේ කුඩා මිතුර.
දඬුවම් කොනරන්න මට කොපාවිෂ්ඨ සුල්තානා.
අපි නුඹ සමග දකුණු දෙසට නොයන්නෙමු.
අපි නොකිමිදෙමු ඉංග්‍රීසි ඔඩයේ.




1920.
දොන් අමිනාදෝ.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු. 

4 comments:

  1. ටිකක් නෙමයි හුඟක් අමුතු රැසියන් ක්කවියෙක්.
    //නුඹ පාළුවෙන්, බස් රථයට ගොඩ වෙමි
    පොල්කේක් සොයා යමි!// මෙහෙම් එකකුත් ලිව්වයි කිව්වහම.

    ReplyDelete
  2. මොහු ජීවත් වූයේ 1885 සිට 1957 දක්වා කාලය තුල.විසිවන ශතවර්ෂයට ඔහුගේ නිර්මාණය අයත් වේ.

    ReplyDelete
  3. මේ රුසියන් රටාවේ තියෙන අමුතු ගතියට මම නම් බොහොම කැමතිය්.

    ReplyDelete
    Replies
    1. අමුතු ගතිය රුසියන් කවි ශෛලියේ විශේෂත්වයයි.

      Delete