සැඳෑ හෝරාවේ, ශාන්ත ස්තෙප් මතින්,
ඒ මතින් ගොම්මන පැතිරුණු දා,
තුසිතය මැද, දිව්‍යමය මංතලාවේ,
සැදෑ සුරදූතයා පියාසර කළේ ය.
ඔහු දුටුවේ ය සහන් එළිය ගොම්මනය පෙර වූ,
ඈත ඉඳුරු දිග නිල්වන් විය,
අනපේක්ෂිත ව ඇසුණි ඔහුට අපැහැදිලි
බැරැන්ඩි හඬ නොදරුවකුගේ.
හෙතෙම ඇවිද ගියේ ය, කටු රැස් කරමින්,
ගොතාගත්තේ ය මල් ඔටුන්නක් හා නිහඬ ව ගැයුවේ
ය,
ගීතය තුළ පාරාදීසයේ ස්වර විය,
නො කිලිටි, මිහිමත නො වූ සන්තානයේ.
“ සෙත් පතන්න බාල සොහොයුරාට,
කී සේක දෙවියන් වහන්සේ. සෙත් පතන්න
දරුවාට නිහඬ ගොම්මන් පැයේ
සත්‍යයේ හා ප්‍රේමයේ මාවත මතින්.“
සුරදූතයා ප්‍රජ්වලිත මන්දහාසයෙන්
ළදරුවා නිහඬ ව එළිදරව් කළේ ය
ගොම්මනේ කාන්තිමත් ව නො තිර
එසවුණි අසිරියෙන් මෘදු පියපතර.
නිසැක යි පියපතර රන්වන්,
අරුණෝදය මහත් දීප්තිමත් විය නබෝ ගැබේ.
නාඹර දිගු දෑස්
අරුණෝදය පසු පසින් ගියේ ය නිහැඩියාවේ.
ඉවාන් අලෙක්සේවිච් බුනින්.
1891.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
1996 ජනවාරි 10.
බුනින් ගේ කවි ලස්සනයි
ReplyDeleteබුනින්ගේ කවි ලස්සන විතරක් නෙවෙයි.ප්‍රබුද්ධයි.
ReplyDelete