Saturday, November 23, 2019

සිසිරය.




කෙතරම් දුක්මුසු අඳුරු දිනයන් ද
හඬක් නොමැති සිසිල් සිසිරයේ!
එතරම් අලස නීරස
දිනයෝ අප ආත්මයන් අයදිති.

එනමුත් ඇත්තේ ය දිනයන් රුහිරු වන්
රන්වන් පත් ‍ගොයම
දෙනෙත් සොයයි සිසිරයේ උණුසුම
හා ආදරයේ රළු ලාලසාව.

නිහඬ ය කුළෑටි සන්තාපය
උදක් ම කැඳවන්නේ ය සවන් දීමට
එතරම් ම වෙසෙසි ය සීතලෙන් ගුලි වූවන්
සිසිරය කිසිවකට ළතැවෙන්නේ නැත.

 අෆනාසියි අෆනාසියෙවිච් ෆ්යෙත්.
1883.
රුසියන් බසින් සිංහලයට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
2006.

No comments:

Post a Comment