අරුණෝදය
මිහිකතට සමු දෙන්නේ ය
වැතිරෙන්නේ ය මිහි
දුම මිටියාවත පතුලේ
බලමි අරණ දෙස,
වැසුණු හීන් මිහි දුමෙන්
හා එහි දැල්වුණු
තුඩු.
කෙතරම් සෞම්‍ය
ද නිවී යාම
රැස් නිවී යන්නේ
ය අන්තයේ!
කවර ප්‍රමෝදයක්
සමගින් ද කිමිදෙන්නේ
වෘක්ෂයෝ තම
සාරවත් රාජ්‍යයේ !
සියල්ල රහසිගත
ය, අනන්ත ය
වෘක්ෂයන්ගේ
සෙවනැලි වැඩෙන්නේ ය, වැඩෙන්නේ ය, සිහින සේ
සැඳෑවේ හිරු
බැස යාම
වෘක්ෂයන්ගේ
සැහැල්ලු රාමුව සියුම් ව පිනවයි!
සුගන්ධවත්
දෙබිඩි දිවියක් සේ
ඇයට දෙගුණයක්
පවන් සලන හා
මිහිකත මව සේ
හැඟෙන
තුසිතය විමසති
ඔවුහු.
අෆනාසියි
අෆනාසියෙවිච් ෆ්යෙත්.
1858.
රුසියන් බසින්
සිංහලයට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
2009.
No comments:
Post a Comment