දීප්තිමත් ඉවුර
රාවය නැගුණි
පෑදී ගංතලය මතින්
නාදය පැතිරුණි
වියැකුණු දෙනි බිම් තුළට
පා වී යන්නට
විය ගොළු අරඹ මතින්
දීප්තිමත් විණි
ඒ ඉවුර මත
ඈතින්, ගොම්මන්
කිරණ සමගින්
දිව ගියේ ය
නදිය අවරට.
රන්වන් අද්දර
සමගින් දැවෙන
මේ කුළු දසත
විහිදුනේ දුම් රොටු සේ ය.
කන්ද මුදුනේ විටෙක
තෙත් ය, විටෙක උණුසුම් ය
සුසුම් ලෑවේ ය
දිනය රාත්‍රියේ මද පවනෙන්
ගිම්හාන
විජ්ජු ලතා දීප්තිමත් ව උණුසුම් විය
නීල හා හරිත
ගිනි දැල්ලෙන්.
අෆනාසියි
අෆනාසියෙවිච් ෆ්යෙත්.
1855.
රුසියන් බසින්
සිංහලයට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
2011.
No comments:
Post a Comment