Wednesday, February 1, 2017

ප්‍රේම කිරීමේ සමය.





කදුළු.........

ප්‍රේම කිරීමට කාලයක් ඇත්තේ ය,
ඇත - ලිවීමට ප්‍රේමය ගැන.
කුමකටද විමසන්නේ:
මගේ ලිපිය ඉරාදමන්නට?
මම ප්‍රමුදිතය
ජීවතුන් අතරය මිහිමත පුද්ගලයෙක්,
නොපෙනෙන,
කුමක්ද හිම කාලයේ
දිගු කලක් හිසින්
ඒ යුවතිය ඔසවාගෙන ආවේ,
ඕනෑ තරම් දරාගත් දුක
හා වාසනාව හා කදුළු ...
විමසීමට අවශ්‍ය නැත:
ඉරාදමන්න මගේ ලිපිය!
ඇත සමයක් ආදරය කිරීමට,
ඇත - කියවීමට ආදරය ගැන.

යූලියා දෘනීනා.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments:

  1. සිනහවේ
    හැඬුමේ
    අවසානය
    කඳුළ වේ.....

    ජයවේවා!!!

    ReplyDelete