Sunday, June 26, 2016

ඉන්ද්‍රඡාපය.



ව්ලාදිමීර් ග්‍රිගරේවිච් බෙන්දීක්තෆ්.

වළාකුළෙන් එහා හිරු - එය පෙනෙන්නට නැත!
නමුත් එහිදී හිරුට හමුවිය වැහි බින්දු
ඒ තුල ගිළිගියේය අග්නි සර තමාගේ, -
නබෝගැබ පුරා අග්නි තීරු ඇදිගියේය.

චාපය වෛවර්ණ අභිමානයෙන් උදාවූයේය,
නබෝගැබෙන් අඩක් තම වකයෙන් වසාගත්තේය,
ක්ෂිතජ මස්තකය වෙත තම අදිපත්‍ය රැගෙන ගොස්,
නීල සයුර අගදි කිඳීගියේය.

ආදරය කරමි එම ආරාධනයට මම මෝරන නබෝගැබ තුල:
හුදකලාව පමණක් ඉන්ද්‍රඡාපය නබෝගැබ තුල දිග හැරෙන්නේය,
වෑහෙන හිරු ක්ෂණිකවම නැවත සිහිගන්වන්නේ මට,
ස්පන්දනය හදවෙත් හා ආත්මීය සංකලනයයි.

දින ඇදි ගියේ බොල් ලාලසාවෙන්ය,
වලාකුලෙන් එහා ජ්වලිත සංතුෂ්ටිය සැඟවගියේය;
මම හැඬුවෙමි, දුක්වූයෙමි, නමුත් ලාලසාව මා ඉදිරියේය
සියල්ල එසේ වුවත් මලින්පිරි, තරම් කාන්තිමත් වූයේය.

කෙසේද කදුළු තුල, පියාසරන තිමිර වළාවන්,
ඇදෙන්නේය සිළු දිදුළන සඳේ,
කඳුළු තුල වර්තනයවෙමින් දිදුලන්නේය ආදරය
අග්නි කුසුමෙන් හදවතේ නබෝගැබ.

ව්ලාදිමීර් ග්‍රිගරේවිච් බෙන්දීක්තෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment