Sunday, June 26, 2016

වසන්තය.



                  අලෙක්සේයි නිකළායේවිච් බුදීෂෙෆ්


ගෙවීයන්නේය, හඬනගන්නේය හැඩකාර,
හරිත වසන්තය.
නීල්ල වැදුනු, ඇල් රළ
වසඟකරගන්නේය.

වසඟකරගන්නේය, කනස්සළුවන්නේය,
රිදියෙන් කෙළින්නේය,
හා සතුටින් සිපගන්නේය
හරිත පන් සමගින්.

සුදු ලාටු හා තෙපෙති මල්පැණි
ඉඳුරාම බිඟු රැගෙන ආවේය!
උතුරේ මළ මුඩු බිම වෙත
වසන්තය අපගෙන් ඈත්වන්නේය.

නීළ තිදස
ගුගුරන්නේය පැසසුම් වසන්තයේ...
සිතැඟි සේ සුළි කුණාටු වැහි,-
තැති ගන්වන්නේ නැත මාව!


නීළ, ඇල්, රළ
වසඟකරගන්නේය;
ළමිස්සියක් සේ මනාවට පිළිපන්,
සිටින්නේය උයනේ වසන්තය.

මම සුගන්ධයෙන්
හමුවන්නෙමි, පති සේ
පතිනිය, දෙවියන් විසින් ලබාදෙන
අහ්ලාදයේ දින මිහිමඬලේ.

අලෙක්සේයි නිකළායේවිච් බුදීෂෙෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment