Wednesday, December 7, 2016

සහෝදර සොහොන් කොත්.




නින්දට වැටුනේය, මගේ නිධානය,
අවදි නොවන්නේය නින්දෙන්.
සේදී නොයන්නේය රුහිරු තවමත්,
මිහිකත තවමත් රත්පැහැය.

නෑඹුල් තෘණ තවමත්
ඒවා මතින් වැවී නැත.
අසලින් නිදති සහෝදරවරු,
අවදි නොවෙති නින්දෙන්.

කුරුල්ලන් අහස්කුස යටින්,
කෙදිනක පියාසර කරති දකුණු දෙසට,
සෙහොන් කොත් එම සමීපේ
පියාසැරියේදී කදිමට පෙනෙන්නේය.

සියරට සොල්දාදුවෝ,
කෙදිනක කෙතේ ඇවිදයති,
සොහොන් කොත් එම සහෝදර
මුදවා නොගනිති, මගහැර නොයති.

පවනන් නිතරම හමමින්
ශිලා ස්මාරක නොමැතිව,
රකින්නේය මිහිකතේ සළකුණු
මිය ඇදුනු පුතුන්ගේ.

පෙළහර සැබෑවන්නේය
ඈත කලකදී,
යුද්ධය මිනිසුන් සමගින් අමතක වන්නේය,
මිහිකත - කිසිදිනෙක නොවේ!

1945.
අලිගෙර් මර්ගරීතා.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment