Sunday, December 25, 2016

සුදු මීදුම.


පා හඬ, පා හඬ,
සුදු මීදුම.
රැකියාවට ජනයා
කඩි මුඩියේ යති, කඩි මුඩියේ යති.
සකළ පා හඬ,
සකළ පාද සේ
ඔරුවක් යන්නා සේ
පන්ගාලක් මත මෙන්.

ඒ පියවරයන් තුල, පියවරයන්
හා නුඹේ පා සටහන්,
ඒ පියවරයන් තුල, පියවරයන්
හා මගේ සන්තාප.
අපි අතර, මිතුර,
සියළු පවුර, පවුර.
ඒ පවුර නොවේ,
කුමක්ද ගඩොලින් බැඳි.

නුඹ පිටවයන්නේය, මිතුර,
මගෙන්, මගෙන්.
නද දුනි හදිස්සියේම
රාත්‍රියේ ස්මාරක.
කොහේදෝ ඒ රැයේ
රැ කොවුලන් නද දුනි,
කොහේදෝ ඒ රැයේ
දියත්ත මිලින විය.

මුහුණු නොපෙනෙ
සියළු පා සටහන් එකාකාරය.
සියළු පා සටහන්, පා සටහන්,
සියල්ල මායාවකි,මායාවකි.
සයුරු පසෙකට වූවා නොවේ
එහෙත් අන්ධ වූ දින,
සුදු හිම නොවේ,
අළු මීදුම.

මිහායිල් අන්චාරෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment