Friday, December 2, 2016

අපේ දෛවය, සිතුවිලි හා මහිමය. ......


අපේ දෛවය, සිතුවිලි හා මහිමය,
සිහින, බලාපොරොත්තු, අහ්ලාද හා විපත් -
දැනටමත් වෑහෙන උණු ලාවා,
වෑහෙන්නේ ඉදිරි වසරට.

කිසිවක් නෂ්ට නොවන්නේය, වියැකෙන්නේ නැත,
ඒ ලාවා, අපේ ඉරණමට කලවම්ය,
මදපවනෙන් කාලය සිසිල්වන්නේය,
අලංකාර ලතාව සොයාගනිමින්.

උපදින්නේය බහුනාද කවි,
පරිමාවන් අමරණීය නිර්දය මාලාවකින්.
ඔවුන් අපහට මෙන්ම, එයටද ගොළුය,
උද්යෝගිමත් ශ්වසනය, තෙපලන්නට වන්නේය.
  
බිහිර ඔවුන් පසුපසින්, පරිනත, පර්පූර්ණත්වය
ඔවුන්ගේ දේපලවල කැමැත්තෙන් පිළිගන්නේය
                සතතය
නිදන්ගත ලෝකය සෞම්‍ය මව -
හා සම්භාව්‍ය විධාන ප්‍රසිද්ධ කරන්නේය.

නමුත් ඔවුන් ලබන්නේය ජීවත්වන්නට වන්නේය සියවස් ගණනක්
ඒ පළමු ගුරුවරයා, අතිරේක ශක්තියේ
ජීවි ලාවා නිරුවත් දෑතින්
ගත්තේය, පිලිස්සෙමින් මූර්තිමත් කළේය.




1947.
අලිගේර් මර්ගරීතා.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment